අපි අද කතා කරන්න යන්නේ මොනවද මේ JDM වාහන කියන්නේ කියල.JDM කියන්නේ Japanese Domestic Market කියන එක.මේ වාහන හදන්නේ ජපානයේ භාවිතයට.මේවගේ Design එක,Engine එක,Interior එක සහ safety එක වගේ හැම දෙයක්ම ජපානේ භාවිතයට ගැලපෙන්නේ හදන්නේ.Engine එක හදන්න ලොකු වියදමක් යන නිසාත්,වෙන රටවල්වලට යන්නේ නැති නිසාත් Toyota වගේ company වලින් එන සමහර වාහන වල Engine වැඩි උනන්දුවකින් හදන්නේ නැ.මේකට හොදම උදාහරණය Allion එකෙයි,Premio එකෙයි Engine එක සමහර වෙලාවට lag වීම.ඒ වගේම ජපානේ නිෂ්පාදනය කරන හැම රටකටම වගේ යන වාහන (JDM නොවන වාහන )වල safety එක Euro NCAP එකෙනුයි JNCAP එකෙනුයි rate කරන අතර ජපානයේ පමණක් භාවිතයට හදන වාහන (JDM වාහන ) JNCAP එකෙන් පමණක් rate කරනවා.
ලංකාවේ වාහන සේල් වලින් ජපන් වාහන ගේන්නේ ජපානේ තියෙන auction වලින් bid කරලා.ඒක හින්ද ජපානේ domestic market එකේ තියෙන JDM වාහනත් ලංකාවට ගෙනල්ල විකුනනවා.Premio,Allion,Axio,…. කියන්නේ ලංකාවේ තියෙන ප්රසිද්ධ JDM වාහන ටිකක්.තවද Toyota Crown වගේ සුපිරි වාහනත්,Toyota Century වගේ Ultra Luxury වාහනත් එනවා.